Sunday, July 31, 2016

ජාති‘ක’ වාදය

 පිපාසයට
දිය පොදක්
 බොන්නට
අාඩි ළිදකි
හමු වුණේ
මට

අවාසනාවට
කුරිරු
යුද්ධය
ඒක් අතක්
අහිමි
කළා මට

වාසනාවට
පිපාසය
නිවාලූයේ
ත‍්‍රස්තවාදී යැයි
කියූ
මවකි..............

3 comments:

Unknown said...

මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති හේද ඔක්කොම යටවෙන මොහොතවල් නැතුවාම නොවෙි මේ පුංචි රටේ

Unknown said...

Manussakama hamoma gawa tibbanam kochchara lassanada me rata

Methzika Kariyawasam said...

ආඩි ලිදත් ජාතිවාදයේ කැඩපතක් වූ සමාජයක,අපි නිවහල් ජාතියක් යැයි කීම ම ඉල ඇදෙන විහිළුවක්