පුරාණ සාහිත්‍යයේ කාන්තාවගේ තොල් උපමා ලැබූවේ නා දළු වලටයි. කාන්තාවන්ගේ තොල් මොන තරම් අවධානයට පාත‍්‍ර වූවක්ද යන්න එයින් ම ඔප්පු වෙනව. කාන්තාවන් වන ඔබත් මමත් ලස්සන පියකරුව සිටින්නට කැමතියි. ඒ සදහා කාන්තාවන් විවිධ සත්කාරයන් සමට, මුහුණට, සිරුරට සිදු කරනවා. එලෙස අභ්‍යන්තරයෙන් හා බාහිරින් සිරුරට ඇතුල් වන අමුද්‍රව්‍යයන්හි කොතරම් නම් සිරුරට අහිතකර ද්‍රව්‍ය වනවාද යන්න පිළිබදව ඔබ මීට පෙර සිතා බැලූවාද? නැතිනම් මේ එසේ සිතා බැලීමට කාලයයි.
වර්තමානයේ කාන්තාවන් අතර බහුල වශයෙන් භාවිතයට ගන්නා දෙයක් වන්නේ ලිප්ස්ටික්. එසේත් නැතිනම් තොල් ආලේපනයි. සාමාන්‍ය ගමනට, මංගල අවස්ථාවකට, කාර්යාලීය ගමනට වැනි කිනම් අවස්ථාවකට වුවද අද වයස් සීමාවකින් තොරව තොල් ආලේපන භාවිත කරයි. තොල් ආලේපන අතර මිලෙන් වැඩි මෙන්ම මිලෙන් අඩු බාල ගණයේ ආදේලනද වේ. සුදුසු වන්නේ මිලෙන් අඩු හෝ වැඩි බව නොවේ. එහි සෞඛ්‍යාරක්ෂිත බවයි. උසස් තත්ත්වයෙන් තොර වු තොල් ආලේපන ගැල්වීමෙන් තොල් කලූ වීමට මෙන්ම තොල් වියලීමටද ඉඩ ඇත.
සමහර තොල් ආලේපන පැණි රසකින් යුක්තය. එම පැණි රස ලබා දෙන්නේ විෂ සහිත රසායනිකයක් වන ලෙඞ් ඇසිටේට් මගිනි. තොල් ආලේපනයන්හි හැගවි ඇති ප‍්‍රධාන සතුරා වන්නේ මෙම ලෙඞ් රසායනිකකයයි. ලෙඞ් අඩංගු තොල් ආලේපන භාවිතයේදී පිළිකා, වකුගඩු රෝග, ආඝාත සෑදීමේ අවධානමක් සහිතය. 2004 වසරේ කළ පර්යේෂණයකින් තොල් ආලේපන 711 පරීක්ෂාවට ලක් කර ඉන් 28%කම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති බව සොයා ගැණිනි. ලිප්ස්ටික්, ලිප් ග්ලොස්, ලිප් බාම් යනුවෙන් අප හදුන්වන සෑම තොල් ආලේපනයකම ඉහත අවධානම පවතින බව අප අමතක නොකළ යුතුය. ඔබේ දෙතොල හැඩ කරන තොල් ආලේපන බොහෝමයක් නිර්මාණය වි ඇත්තේ පිළිකා කාරකයක් වන තාර ඇසුරිනි.
තවත් කරුණක් වන්නේ තොල් ආලේපන වල අඩංගු වර්ණක සිරුර තුළට ඇතුල් වීමද අහිතකර වීමයි. නමුත් තොල් ආලේපන දිගින් දිගට ගල්වන කාන්තාවන්තම දිවිය පුරා තොල් ආලේපන රාත්තල් 2,3ක් පමණ ශරීරගත කර ගන්නා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.
ඔබත් ඔබේ ජීවිත කාලය පුරා කොපමණ තොල් ආලේපන ප‍්‍රමාණයක් කනවාදැයි තීරණය කරන්නට මේ හො`දම අවස්ථාවයි.
3 comments:
Good article..
ලස්සනයි කියලා හිතාගෙන පාවිච්චි කරන අයට හොද අවවාදයක්
super advice
Post a Comment