Thursday, July 28, 2016

දෑස් අද කරන ග්ලෝකෝමාව පරදවමු.

මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් අතරින් අසිරිමත් එක් ඉන්ද්‍රියයක් ලෙස දෑස හදුන්වන්නට පුළුවන්.ලෝකය සුන්දරව දකින්නටත් ආලෝකය හදුනා ගැනීමටත් මිනිස් ශරීරයේ ඇති එකම ඉන්ද්‍රීය වන්නේ දෑස් ය.මිනිස් ඇසකට විවිධ වර්ණ මිලියන 10ක් පමණ වෙන් කර හදුනා ගැනීමට හැක.ඇස් පරීක්ෂාවක් සිදු කිරීම මගින් අපට වැලදෙන විවිධ රෝග විශාල සංඛ්‍යාවක් හදුනා ගැනීමේ හැකියාවකුත් පවතිනව.

ඇසට ඇති වන  ඕනෑම රෝග තත්වයක් අප හදුන්වන්නේ ඇස් රෝග විදිහටයි.ඒ රෝග තත්වයන් අතරින් වැඩිම දෙනෙක් අන්ධ භාවයට පත් වෙන්නේ ඇසේ සුද ඇති වීමෙනුයි.නමුත් එය ප‍්‍රතිකාර ඔස්සේ යථා තත්වයට පත් කර ගැනීමට පුළුවන්.අන්ධ භාවය ඇති වීමට බලපාන දෙවන රෝග තත්වය වන්නේ ග්ලෝකෝමාවයි.මෙය සමාජයේ අවධානය අඩුවෙන් ලැබූ නමුත් අවදානම් රෝගයක් ලෙස නම් කරන්නට පුළුවන්.ඇසට ඇති විය හැකි භයානකම රෝගය ලෙස ග්ලෝකෝමා රෝගය හදුන්වන්නේ මින් නිට්ඨාවටම සුවය ලබන්නට නොහැකි නිසයි.ඇසේ දෘෂ්ටික ස්නායුව ක‍්‍රම ක‍්‍රමයෙන් හානි වී අන්ධ භාවයට පත් වීම මේ රෝගයේ ස්වභායයි. ග්ලෝකෝමා රෝගය අදෘශ්‍යමාන වූ රෝගයක් ලෙසත් හදුන්වන්නට පුළුවන්. අනෙකුත් රෝග මෙන් නොව  ග්ලෝකෝමා රෝගය පූර්ව රෝග ලක්ෂණ මගින් හදුනා ගැනීමට ඇති නොහැකියාව මෙහි පවතින අදෘශ්‍යමාන බවයි.තවත් කරුණක් වන්නේ වෛද්‍යවරුන් වෙත යොමු වීමෙන් හෝ ස්වයං අධ්‍යයනයකින් තොරව ග්ලෝකෝමා රෝගය නොහැකි බව.

ලෝකයේ විවිධ අක්ෂි රෝග හේතුවෙන් මිලියන 39ක ජනගහනයක් අන්ධ බවට පත්ව ඇත.තවත් මිලියන 246ක ජනගහනයක් යම් යම් දෘෂ්ටික ඌණතාවයන්ගෙන් පෙළේ. ග්ලෝකෝමා රෝග තත්වය නිසා ලෝක ජනගහනයෙන් මිලියන 4.5 ප‍්‍රමාණයක් අන්ධභාවයට ලක්ව ඇති අතර තවත් මිලියන 60.5ක් රෝගය හදුනා නොගත් අවස්ථාවේ පසුවේ.වර්ෂ 2020 වන විට එය මිලියන 80 දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතී.2014 වසරේ විෂන් 2020 කාර්යාලය අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව සිදු කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 250,000 පමණ ග්ලෝකෝමා රෝගයට ගොදුරුව ඇති බවයි.එය සමස්ත ජනගහනයෙන් 6%ක ප‍්‍රමාණයක්.

ග්ලෝකෝමා රෝග තත්වය වැලදීමේ අවදානමක් සහිත කොටස් කීපයක් හදුන්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝගය වැලදෙන්නේ අවුරුදු 40 ඉක්මවූවන්ට යි. දෙමව්පියන්ට ග්ලෝකෝමා රෝගය පවතිනවා නම් එය දරුවන්ට වැලදීමේ අවදානම පස් ගුණයකි.සහෝදර සහෝදරියන්ට රෝගය පවතිනවා නම් ග්ලෝකෝමා වැලදීමේ අවදානම නව ගුණයකි.වයස අවුරුදු 60 ඉක්මවූවන්ටත් මෙය වැලදීමේ හැකියාවක් පවතී.එමෙන්ම පෙනීමේ දෝශ සදහා ඝණ උපැස් යුවල භාවිත කරන්නන්ටද ග්ලෝකෝමා අවදානම පවතිනවා.තවත් විශේෂ කරුණක් වන්නේ ඇස ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තැල්මක් වී ඇත්නම් එය පසු කාලීනව ග්ලෝකෝමා තත්වයක් බවට පත්වීමේ ඇති හැකියාවයි.ඇසේ පවතින දෘෂ්ටි ස්නායුවේ ලේ කැටියක් පවතින්නේ නම් එවැනි අයගෙන් 60%ක් පසු කලකදී ග්ලෝකෝමා අවදානමට පත් වන බව සොයා ගෙන ඇත.

මෙම රෝගය දීර්ඝ කාලයක් ඇසේ සිදු වන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස හැදින්වීමට පුළුවන්.මෙහිදී සිදු වන්නේ ඇසේ පීඩනය වැඩි වීම නිසා දෘෂ්ටි ස්නායුව මත තෙරපුවක් ඇතිව ඊට ලේ ගමනාගමනය අඩු වී ස්නායු අක‍්‍රීය වීමයි.මිනිස් ඇසේ පවතින අම්ල තරලය ඇසෙන් පිටතට යාම සාමාන්‍ය ක‍්‍රියාවලියයි.නමුත් ග්ලෝකෝමා රෝගයේදී එම තරලය ඇසෙන් පිටතට ගමන් කරන ස්ථානය අවහිර වේ.ඒ හේතුවෙන් එම තරල ඇස තුළම එකතු වේ.එලෙස තරල ඇසෙන් පිටතට ගමන් කරන ස්ථාන අවහිර වීම සදහා ජානමය හේතු බලපායි.ඇස තුළ දිගින් දිගට එක් වන තරල හේතුවෙන් පීඩනයක් හට ගනී.ඉන් දෘෂ්ටි ස්නායුව මත තෙරපුමක් ඇති කර ඒ කරා පැමිණෙන ලේ ගමනාගමනය අඩු වේ.මේ අකාරයට ඇස ඇතුළත තරලයේ නිපදවීම් වැඩි වීම සහ පිටවීම අඩු වීම නිසා පෙනීමේ පරාසය ක‍්‍රමයෙන් හීන වේ.එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ අන්ධභාවයට පත් වීමයි.

ග්ලෝකෝමාව මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් කල් තියා හදුනා ගැනීමෙන් පෙනීම ආරක්ෂා කර ගන්නට පුළුවන්.ඒ සදහා රෝගය වැලදීමේ වැඩි හැකියාවක් පවතින වයස අවුරුදු 40 ඉක්මවූවන් වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂාවක් සිදු කළ යුතුයි.දියවැඩියා රෝගීන් සදහා කෙරෙන අක්ෂි පරීක්ෂාවන්හීදීත් ග්ලෝකෝමා අවදානම හදුනා ගැනීමට පුළුවන්.එමෙන්ම වයස අවුරුදු 40 ඉක්මවුවන් පෙනීමේ දුර්වලතා ම`ග හරවා ගැනීමට උපැස් යුවලක් භාවිත කරනවා.ඒ සදහා අක්ෂි පරීක්ෂාවන් සිදු කරන අවස්ථාවන්හීදීත් ග්ලෝකෝමා රෝගය වැලදීමේ ප‍්‍රවනතා හදුනා ගත හැකිය.ඇසෙහි දෘෂ්ටි ස්නායුවේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් මුල් අවස්ථාවේදීම ග්ලෝකෝමා රෝගය හදුනාගන්නට පුළුවන්.නමුත් එක් වසරක පරීක්ෂාවකින් සෑහීමට පත් නොවී දීර්ඝ කාලීනව පරීක්ෂණ සිදු කිරීම මගින් රෝග අවදානමෙන් මිදෙන්නට හැක.තවද එම පරීක්ෂණ ඇසුරින් තම ඇසේ ස්නායු තන්තු අඩු වේ දැයි හදුනා ගැනීමටත් තමාට ග්ලෝකෝමා අවදානමක් පවතින්නේදැයි නිශ්චය කර ගන්නටත් පුළුවන්.දෑස් අන්ධභාවයට පත් කරවන මේ රෝගය මුල් අවස්ථාවේදී හදුනා ගන්නට නොහැකි වුවොත් රෝගය උඩු දුවන විට උපකරණ භාවිතයෙන් රෝගය හදුනා ගන්නට පුළුවන්.නමුත් දෘෂ්ටි ස්නායුව 60%කට වඩා දුර්වල වූ පසු ප‍්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන් හදුන්වන්නේ ප‍්‍රමාදව පැමිනෙන්නන් ලෙසයි.

ග්ලෝකෝමා රෝගය සදහා පිළියම් ලෙස බිංදු බේත් ප‍්‍රතිකාරය සහ ශල්‍යකර්ම මේ වන විටත් ක‍්‍රියාත්මකය.බිංදු බේත් ප‍්‍රතිකාරය මගින් සිදු වන්නේ රෝගය යම් තරමකට පාලනයක්.එනම් ඇසේ පීඩනය පාලනය කර ඉන් දෘෂ්ටි ස්නායුවට ඇති වන අවදානම අවම කිරීමයි.ග්ලෝකෝමා රෝග තත්වය වැලදී ඇති පුද්ගලයෙක් වෛද්‍ය නිර්දේශය අනුව නියම කරන ලද ප‍්‍රතිකාර නොකඩවා ජීවිත කාලය පුරාවට ලබා ගත යුතුයි.යම් ග්ලෝකෝමා රෝගියෙක් ප‍්‍රතිකාර වෛද්‍ය නිර්දේශ නොතකා නතර කළ හොත් දෘෂ්ටි ස්නායුවේ තන්තු ඇති වන පීඩනය හේතුවෙන් අඩු වේ.සාමාන්‍යයෙන් මිනිස් ඇසක දෘෂ්ටි ස්නායුවේ තන්තු මිලියන 1.2ක් පවතී.එම ස්නායු තන්තු රැුක ගැනීමට අපොහොසත් වුවහොත් දෘෂ්ටි පරිපථය හීන වේ.ග්ලෝකෝමා රෝගයට බිංදු බේත් ප‍්‍රතිකාරයට අමතරව ශල්‍යකර්මද භාවිත කරයි.ඉන් සිදු වන්නේ ඇසේ අම්ල තරලය ඇසෙන් පිටතට ගමන් කිරීමට සිදුරක් සකස් කිරීමයි.නමුත් එම සිදුරේ ක‍්‍රියාකාරීත්වය විවිධ හේතු නිසා අඩපණ වන්නටත් පුළුවන්.එලෙෂ ශල්‍යකර්මයකට යොමු වූ රෝගියෙක් වුවද යළි යළිත් පරීක්ෂණ සදහා යොමු විය යුතුය.ඊට හේතු වන්නේ ග්ලෝකෝමා රෝගය ශල්‍යකර්ම මගින් 100% සුව කිරීමට ඇති නොහැකියාව යි.

ශ‍්‍රී ලංකාවේ සියලූම අක්ෂි සායන වල ග්ලෝකෝමා රෝගය තිබේදැයි පරීක්ෂා කරවා ගැනීමේ හා ප‍්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්.එම සායන වලට සහභාගි වීමෙන් රෝගය හදුනා ගැනීමටත් පාලනය කිරීමටත් හැකියාව ලැබේ.අක්ෂි සායනයක් වෙත යෙමු වීමේ දුෂ්කරතා පවතින්නේ නම් රජයේ සියලූ රෝහල් වලදී මීට අවැසි සියලූ ප‍්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමට පුළුවන්.ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගීන් සහ සාමාන්‍ය ජනතාව සදහා ග්ලෝකෝමා අක්ෂි පීඩන පරීක්ෂා කිරීමේ කුටියක් දැනටත් ක‍්‍රියාත්මකයි.එමෙන්ම ග්ලෝකෝමා රෝගය සදහාම විශේෂ ඒකක ජාතික අක්ෂි රෝහලේ සහ නුවර මහ රෝහලේ පිහිටුවීමට සූදානම්.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කරන ආකාරයට 2016 වසරේ අක්ෂි සේවාව පුළුල් කිරීමට සහ එහි ගුණාත්මක බව වැඩි කිරීමට පියවර රැසක් ගෙන තිබේ.පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය හා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අක්ෂි ශල්‍ය වෛදයවරුන් තව තවත් පුහුණු කරන්නට පියවර ගෙන ඇත.අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීපා සිරිවර්ධන මහත්මිය සදහන් කරන අකාරයට එම සංගමය විසින්  ග්ලෝකෝමා රෝගය පිළිබ`ද සාමාන්‍ය වෛද්‍යවරු, අක්ෂි තාක්ෂණවේදීන්, අක්ෂි ඒකක වෛද්‍යවරුන් සහ හෙදියන් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන බවයි.මේ සියල්ලේ එකම අරමුණ වන්නේ ග්ලෝකෝමා රෝගය පිළිබද දැනුවත් භාවය වැඩි කරලීම මගින් රෝගය මැඩපැවැත්විමයි. 


අපේ නාට්‍ය කන හඩ කැවූ නාට්‍ය


නිර්මාණයක පළමු කාර්යය වන්නේ රසවින්දනයයි. සෝප් ඔපෙරාවෙන් ජීවය ලද ටෙලි නාට්‍ය කලාව රසවිදනය ප‍්‍රමුඛ කරගත් එක්තරා නිර්මාණයකි. 

දිමුතු මුතු, ළාහිරු දහසක් යන්නේ ඇරඹි මෙරට ටෙලි නාට්‍ය වංශ කතාව ඉහළ ප‍්‍රශස්ත මට්ටමක් පෙන්වූ දඩුබස්නාමානය, කඩුල්ල ආදීයෙන්ද පරිපූර්ණ විය. නමුත් අවාසනාවකට මෙන් මීට වසර ගණනාවකට පෙර එක්තරා රූපවාහිනි නාලිකාවක් හදුන්වා දුන් ඉන්දියානු හඩ කවන ලද නාට්‍ය හේතුවෙන් ශ‍්‍රී ලාංකික ටෙලි නිර්මාණ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පා සිටී. මීට කලකට ඉහතදී විකාශය කල හඩ කැවූ නාට්‍ය සීමිත වුවද වත්මන වන විට එය සීමාව ඉක්මවා ගොස් හමාරය. 

මෙම ටෙලි නිර්මාණයන්හි බහුලව දැකිය හැකි ලක්ෂණ වන්නේ මානසික ආතතිය, හුදෙකලාව, සාංකාව, ප‍්‍රචණ්ඩත්වය, සැකය, කුතුහලය, බිය, අත්භූත බව, ලිංගිකත්වය ආදීයයි. 


නාටය ආරම්භයේ පටන් උත්සාහ ගැනෙන්නේ පේ‍්‍රක්ෂකයා ඉහත ලක්ෂණයන්ට ඇද බැද තබා ගැනීමටයි. සාමාන්‍ය ගෘහ ජීවිතය තුළ සිදුවන සිදුවීම් අසම්මත ආකාරයට නාට්‍යට ඇතුල් කරමින් පේ‍්‍රක්ෂක මනස කුතුහලයෙන් පිරවීම මෙම නාට්‍යන්හි තවත් අරමුණකි. මෙම නිර්මාණ නැරඹීම හේතුවෙන් පුදගල මනස තව තවත් ව්‍යාකූල වනවා මිස පුද්ගල සංතෘප්තියට හෝ රසවින්දනයට එය හේතු නොවනු ඇත. 


ලස්සනෙහි අවලස්සන කතාව


පුරාණ සාහිත්‍යයේ කාන්තාවගේ තොල් උපමා ලැබූවේ නා දළු වලටයි. කාන්තාවන්ගේ තොල් මොන තරම් අවධානයට පාත‍්‍ර වූවක්ද යන්න එයින් ම ඔප්පු වෙනව. කාන්තාවන් වන ඔබත් මමත් ලස්සන පියකරුව සිටින්නට කැමතියි. ඒ සදහා කාන්තාවන් විවිධ සත්කාරයන් සමට, මුහුණට, සිරුරට සිදු කරනවා. එලෙස අභ්‍යන්තරයෙන් හා බාහිරින්  සිරුරට ඇතුල් වන අමුද්‍රව්‍යයන්හි කොතරම් නම් සිරුරට අහිතකර ද්‍රව්‍ය වනවාද යන්න පිළිබදව ඔබ මීට පෙර සිතා බැලූවාද? නැතිනම් මේ එසේ සිතා බැලීමට කාලයයි.

වර්තමානයේ කාන්තාවන් අතර බහුල වශයෙන් භාවිතයට ගන්නා දෙයක් වන්නේ ලිප්ස්ටික්. එසේත් නැතිනම් තොල් ආලේපනයි. සාමාන්‍ය ගමනට, මංගල අවස්ථාවකට, කාර්යාලීය ගමනට වැනි කිනම් අවස්ථාවකට වුවද අද වයස් සීමාවකින් තොරව තොල් ආලේපන භාවිත කරයි. තොල් ආලේපන අතර මිලෙන් වැඩි මෙන්ම මිලෙන් අඩු බාල ගණයේ ආදේලනද වේ. සුදුසු වන්නේ මිලෙන් අඩු හෝ වැඩි බව නොවේ. එහි සෞඛ්‍යාරක්ෂිත බවයි. උසස් තත්ත්වයෙන් තොර වු තොල් ආලේපන ගැල්වීමෙන් තොල් කලූ වීමට මෙන්ම තොල් වියලීමටද ඉඩ ඇත.

සමහර තොල් ආලේපන පැණි රසකින් යුක්තය. එම පැණි රස ලබා දෙන්නේ විෂ සහිත රසායනිකයක් වන ලෙඞ් ඇසිටේට් මගිනි. තොල් ආලේපනයන්හි හැගවි ඇති ප‍්‍රධාන සතුරා වන්නේ මෙම ලෙඞ් රසායනිකකයයි. ලෙඞ් අඩංගු තොල් ආලේපන භාවිතයේදී පිළිකා, වකුගඩු රෝග, ආඝාත සෑදීමේ අවධානමක් සහිතය. 2004 වසරේ කළ පර්යේෂණයකින් තොල් ආලේපන 711 පරීක්ෂාවට ලක් කර ඉන් 28%කම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති බව සොයා ගැණිනි. ලිප්ස්ටික්, ලිප් ග්ලොස්, ලිප් බාම් යනුවෙන් අප හදුන්වන සෑම තොල් ආලේපනයකම ඉහත අවධානම පවතින බව අප අමතක නොකළ යුතුය. ඔබේ දෙතොල හැඩ කරන තොල් ආලේපන බොහෝමයක් නිර්මාණය වි ඇත්තේ පිළිකා කාරකයක් වන තාර ඇසුරිනි. 

තවත් කරුණක් වන්නේ තොල් ආලේපන වල අඩංගු වර්ණක සිරුර තුළට ඇතුල් වීමද අහිතකර වීමයි. නමුත් තොල් ආලේපන දිගින් දිගට ගල්වන කාන්තාවන්තම දිවිය පුරා තොල් ආලේපන රාත්තල් 2,3ක් පමණ ශරීරගත කර ගන්නා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.

ඔබත් ඔබේ ජීවිත කාලය පුරා කොපමණ තොල් ආලේපන ප‍්‍රමාණයක් කනවාදැයි තීරණය කරන්නට මේ හො`දම අවස්ථාවයි.


Monday, July 25, 2016

පොඩි දුවේ.....

නුඹ දකින ලෙස
නෙවෙයි
ලොව නුඹව
දකින්නේ
කුරිරු වෙසෙනුයි
අද
සමාජය
පෙනෙන්නේ

පොඩි ඒවුන්
ගිලගන්න
මහ ඒවුන්
රැක සිටින
යක්ෂ වේෂයෙනි
අද
සමාජය
පෙනෙන්නේ

වසර ගණනක් පුරා
පණ මෙනි
නුඹ රැකුවේ
මුහුණු පොත්
මර උගුල
බිලි ගන්න
පෙර නුඹව
පොඩි දුවේ
වැළකියන්........


Sunday, July 24, 2016

පියාණෙනි....

මගේ ලොවට හිරු සදු ඔබමයි

අාදරයේ සේතුව ලෙස 
මා මෙලොවට බිහි වූ දා
ඔබගේ දෙනයන තෙත් වී
කදුලු බිංදු වැගිරෙන දා

මවගේ සෙනෙහස අහිමිව
ගිය මා හට ඒය නොදැනිම
තියන්න වෙහෙසුණ ඔබ සද
පියාණෙනි මතු බුදු වන

හොදින් උගන්වා මා හට
ඔබටත් ඉහළින් වැජඹෙන
තනතුරකට
පත් වූ සද
ඒදත් අැඩුව අද වගේම

කුල කුමරිය වී මා අද
පෝරුව මත සිටිනා විට
හංගා ගත් කදුලු නෙතින්
පිට වූයේ මා යන කල

Thursday, July 21, 2016

වන සිරිය

තුරු වැල් ලතා ගොමු නෙත මන      බදින
නෙක මල් ඵල බරින දිවගට රසය      ඒන
ගගුලැල් අැද හැලෙන ගත සිත සිසිල දෙන
මේ වන සිරිය මන දසුනකි මට        නිතින

Wednesday, July 20, 2016

සොබාදම

ගහකොළ සතා සිව්පාවෝ         වටිනේය
මහ සම්පතකි ඒ්වා මට ඔබ            හැමට
නොදනිත් අගේ ඒ්වායෙහි       සමහරෙක
රැකුණොත් සොබාදම හිමිවෙයි හැම පිහිට