පද මිහිර
මම අද ආරම්භක ලිපියට තොර ගත්තෙ අපි කාටත් තියන දෙයක්. එහෙම කිව්වයි කියල නැති අය මා එක්ක අමනාප වෙන්න එපා. අල්ලගන්ඩයි හරි යන්ඩයි දෙකටම තියන අත ගැන තමා මගේ පළමු ලිපිය.
අත කියන්නේ මේ ශරීරයේ තියන අපට නැතිවම බැරි දෙයක් ඒ වුණත් ඔය අත පය නැති මිනිස්සු මේ අපට වඩා කොයි තරම් හොදට ජීවත් වෙනවද? කවුරු වුණත් අතේ දුරින් තියා ගන්න එක ඇගට ගුණයි කියනවනේ. එහෙමයි කියල කාට හරි අත දෙන්න ලැබුණ අවස්ථාවක ඒක මග අරින එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ. සමහරු නම් ඉතින් අතට අත දීලයි පිළිගන්නේ, ඔය අතරෙ සමහරු අත ඉඔලා අත නොඇරම ඉන්නවා. මේක කියවන ඔය අයත් අත නොඇර ඉන්නම කෙනෙක් හොයා ගත්තොත් හොදයි.
සමහරු මාසෙ අන්තිමට අත දිග ඇරල වියදම් කරල අතේ පිච්චියක් නැති වුණාම කාටත් අත පාලයි ජීවත් වෙන්නේ.
කිරි දරුවො කටේ අත දාගන්න දාගන්න අම්ම තාත්තගෙ වැඬේ අත අහක් කරන එක. ඔය දරුවොම තමා කර දඩු උස් මහත් වුණාම අත ගසා දාලා හතර අතේ යන්නෙත්. සමහරුන්ගෙ වැඬේම ඉතිං අනුන්ගෙ දේවල් වලට අත දාන එකනේ. අතේ පයේ හයිය තියෙන කාලෙ හරි හම්බ කර ගන්න ඕනෑය කියල කතාවක් ඔය කොයි කවුරුත් අහල ඇතිනෙ. අතට දුන්න දේ කටට දා ගන්න බැරි අයත් ඔය අතරෙ ඉන්නවනේ.
අත ගන්ඩ කෙනෙක් නැතුව ගෙදරටම නාකි වෙන ගෑනු අත නිකටෙ ගහගෙන කල්පනා කෙරුවට ගෑනු, මිනිස්සු හොයන් එන්නෙ නෑනෙ. අතපත්තු කියල නම තියන අයට ඒ නම ලැබුණේ සමහර දේවල් අතේම පත්තු වුණ හින්ද වෙන්න ඇති. අත මිරිකන, අත අල්ලන, අත අහකට ගන්න අය නම් කොයි තරම් බස්වල කෝච්චිවල යනවද? ඔය අතරෙ ඉන්නවනෙ අත මාරුවට ගන්න අයත්.
මෙව කියවනකොට ඔයාලෙගෙ කට නොරිදුනාට මගේ අත රිදෙන හින්ද අදට අත ගැන ලියන එක නවත්තනව. ඔයාලටත් අත ගැන මොකොවත් හිතෙනව නම් හිත හිත නොඉද ඕන එකක් වෙන්න කියල කියල දාන්න. ඊලග ලිපියෙන් මුණ ගැහෙනකම් අත නිකටෙ තියං දහ අතේ කල්පනා කරනව හෙම නෙවේ.
5 comments:
Best one
Niyamai
Good one
Thank u
Thank u
Post a Comment