Thursday, August 25, 2016
පද මිහිර - අත
මෙතෙක් දවස් මේපල් ගස් සෙවණින් ඔබට දැනුම නිර්මාණාත්මක සුවය රැගෙන ආපු මට හිතුණා අපි නිතර දෙවේලෙ පාවිච්චියට ගන්න වචන ගැන ඔබත් සමග කතා කරන්න. ඒ නිසා මෙතැන් පටන් දිග හැරෙන්නේ පද මිහිර ලිපි පෙළයි.
පද මිහිර
අත කියන්නේ මේ ශරීරයේ තියන අපට නැතිවම බැරි දෙයක් ඒ වුණත් ඔය අත පය නැති මිනිස්සු මේ අපට වඩා කොයි තරම් හොදට ජීවත් වෙනවද? කවුරු වුණත් අතේ දුරින් තියා ගන්න එක ඇගට ගුණයි කියනවනේ. එහෙමයි කියල කාට හරි අත දෙන්න ලැබුණ අවස්ථාවක ඒක මග අරින එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ. සමහරු නම් ඉතින් අතට අත දීලයි පිළිගන්නේ, ඔය අතරෙ සමහරු අත ඉඔලා අත නොඇරම ඉන්නවා. මේක කියවන ඔය අයත් අත නොඇර ඉන්නම කෙනෙක් හොයා ගත්තොත් හොදයි.
කිරි දරුවො කටේ අත දාගන්න දාගන්න අම්ම තාත්තගෙ වැඬේ අත අහක් කරන එක. ඔය දරුවොම තමා කර දඩු උස් මහත් වුණාම අත ගසා දාලා හතර අතේ යන්නෙත්. සමහරුන්ගෙ වැඬේම ඉතිං අනුන්ගෙ දේවල් වලට අත දාන එකනේ. අතේ පයේ හයිය තියෙන කාලෙ හරි හම්බ කර ගන්න ඕනෑය කියල කතාවක් ඔය කොයි කවුරුත් අහල ඇතිනෙ. අතට දුන්න දේ කටට දා ගන්න බැරි අයත් ඔය අතරෙ ඉන්නවනේ.
මෙව කියවනකොට ඔයාලෙගෙ කට නොරිදුනාට මගේ අත රිදෙන හින්ද අදට අත ගැන ලියන එක නවත්තනව. ඔයාලටත් අත ගැන මොකොවත් හිතෙනව නම් හිත හිත නොඉද ඕන එකක් වෙන්න කියල කියල දාන්න. ඊලග ලිපියෙන් මුණ ගැහෙනකම් අත නිකටෙ තියං දහ අතේ කල්පනා කරනව හෙම නෙවේ.
පද මිහිර
මම අද ආරම්භක ලිපියට තොර ගත්තෙ අපි කාටත් තියන දෙයක්. එහෙම කිව්වයි කියල නැති අය මා එක්ක අමනාප වෙන්න එපා. අල්ලගන්ඩයි හරි යන්ඩයි දෙකටම තියන අත ගැන තමා මගේ පළමු ලිපිය.
අත කියන්නේ මේ ශරීරයේ තියන අපට නැතිවම බැරි දෙයක් ඒ වුණත් ඔය අත පය නැති මිනිස්සු මේ අපට වඩා කොයි තරම් හොදට ජීවත් වෙනවද? කවුරු වුණත් අතේ දුරින් තියා ගන්න එක ඇගට ගුණයි කියනවනේ. එහෙමයි කියල කාට හරි අත දෙන්න ලැබුණ අවස්ථාවක ඒක මග අරින එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ. සමහරු නම් ඉතින් අතට අත දීලයි පිළිගන්නේ, ඔය අතරෙ සමහරු අත ඉඔලා අත නොඇරම ඉන්නවා. මේක කියවන ඔය අයත් අත නොඇර ඉන්නම කෙනෙක් හොයා ගත්තොත් හොදයි.
සමහරු මාසෙ අන්තිමට අත දිග ඇරල වියදම් කරල අතේ පිච්චියක් නැති වුණාම කාටත් අත පාලයි ජීවත් වෙන්නේ.
කිරි දරුවො කටේ අත දාගන්න දාගන්න අම්ම තාත්තගෙ වැඬේ අත අහක් කරන එක. ඔය දරුවොම තමා කර දඩු උස් මහත් වුණාම අත ගසා දාලා හතර අතේ යන්නෙත්. සමහරුන්ගෙ වැඬේම ඉතිං අනුන්ගෙ දේවල් වලට අත දාන එකනේ. අතේ පයේ හයිය තියෙන කාලෙ හරි හම්බ කර ගන්න ඕනෑය කියල කතාවක් ඔය කොයි කවුරුත් අහල ඇතිනෙ. අතට දුන්න දේ කටට දා ගන්න බැරි අයත් ඔය අතරෙ ඉන්නවනේ.
අත ගන්ඩ කෙනෙක් නැතුව ගෙදරටම නාකි වෙන ගෑනු අත නිකටෙ ගහගෙන කල්පනා කෙරුවට ගෑනු, මිනිස්සු හොයන් එන්නෙ නෑනෙ. අතපත්තු කියල නම තියන අයට ඒ නම ලැබුණේ සමහර දේවල් අතේම පත්තු වුණ හින්ද වෙන්න ඇති. අත මිරිකන, අත අල්ලන, අත අහකට ගන්න අය නම් කොයි තරම් බස්වල කෝච්චිවල යනවද? ඔය අතරෙ ඉන්නවනෙ අත මාරුවට ගන්න අයත්.
මෙව කියවනකොට ඔයාලෙගෙ කට නොරිදුනාට මගේ අත රිදෙන හින්ද අදට අත ගැන ලියන එක නවත්තනව. ඔයාලටත් අත ගැන මොකොවත් හිතෙනව නම් හිත හිත නොඉද ඕන එකක් වෙන්න කියල කියල දාන්න. ඊලග ලිපියෙන් මුණ ගැහෙනකම් අත නිකටෙ තියං දහ අතේ කල්පනා කරනව හෙම නෙවේ.
Monday, August 8, 2016
ගබ්සා කළ යුතු ගබ්සාව....................
සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් සමාජය ප්‍රතික්ෂේප කරන්නකි. නමුත් ගබ්සාව අද සමාජය තුළ බහුලව සිදුවන වමුත් වැඩි වශයෙන් කතා බහට ලක් නොවන සමාජ ගැටළුවකි.
ප‍්‍රධාන වශයෙන් ගබ්සාව හඳුනා ගන්නා කොටස් දෙකක් දැක්විය හැකිය. එනම් ස්වාභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙනි. ස්වාභාවික ගබ්සාව නීත්‍යානුකූල වෛද්‍යවරුන් විසින් සිදු කරන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් වේ ය යන පදනම මතයි. ඒ සඳහා නීතිමය අවසරය ලබා දී තිබේ. එමෙන්ම ස්වාභාවික ගබ්සාව මවගේ ශරීරයේ ඇති රෝගී තත්ත්වයක් හේතු කොට ගෙන ස්වභාවයෙන්ම සිදු වීමට ද හැකිය.
අද නීති විරෝධී ගබ්සාව සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. එය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ ගබ්සා කිරීම ලංකාව වැනි සමහර රටවල නීති විරෝධී තත්ත්වයක් ලෙස පවතින බැවිනි. නිල නොලත් වාර්තාවලට අනුව දිනකට 800-1000ත් අතර ප්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ස්භාවය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය.
දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි.
මේ උද්ගතව ඇති සමාජ ගැටළුව නිරාකරණය කිරීම සදහා ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැකිය යුතුය. මේ සඳහා
ලිංගිකත්වය හා ප්‍රජනන සෙඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් දියත් කිරීම
පාසල් අධ්‍යාපනය තුළ ද විෂයික මට්ටමෙන් මෙම දැනුවත් කිරීම සිදු කිරීම
මේ සම්බන්ධ උපදේශන සේවා විධිමත් කිරීම
පවුල් සැලසුම් ක්‍රම විධිමත් කිරීම
ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබා ගැනීම
අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමුව ඇත්තේ ඉතාම අවම ප්‍රමාණයකි. මේ නිසා විවාහක පාර්ශවයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය.
Friday, August 5, 2016
සුරකිමු ජලය පණ සේ
පවතින බලයෙන්
රළු ගල් කුළු වුව
දිය කරලිය හැක’’
බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඉහත කවි වියමණ ගම්‍ය කරන්නේ ජලය බල සම්පන්න ආයුධයක් බවයි. මහා පරාක‍්‍රමභාහු රජු ‘අහසින් වැටෙන එක දිය බි`දක්වත් ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදිය යුතුය’ යන ප‍්‍රකාශය කරන ලද්දේ ජලයෙහි ඇති අමිල වූ අගය වටහාගෙනය.
මිනිසාගේ පැවැත්ම සහ පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට මහගු කාර්යයභාරයක් ඉටු කරන ජලය අසීමිත නොවන සීමිත සම්පතක් බවට පත්ව ඇත. එම නිසා ජල කළමණාකරණය අත්‍යාවශ්‍යයෙන්ම අවැසි බව ඔබත් මමත් අවිවාදයෙන්ම පිළිගන්නා සත්‍යයකි. අපගේ සිරුරේ 70% ක්ම වන්නේ ජලයයි. කිසිදු වර්ණයක් හෝ රසයක් නොමැති ජලය අනෙකුත් සියලූ පාන වර්ග අතර මුල් තැන හිමි කර ගන්නේ සියලූ ප‍්‍රාණීන්ගේ මූලික අවශ්‍යතාවයක්ද වන හෙයිනි. පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යාමට මනා රුකුලක් වන ජලය අද වන විට මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය පාරිසරික වෙනස්වීම් ඇති කරන්නට හේතු වී ඇත. ශ‍්‍රී ලංකාවේ විටින් විට ඇති වන දරුණු නියං තත්වයන්, ජල ගැලීම්, නාය යාම් සදහා ඝෘජු හා වක‍්‍රාකාර මිනිස් ක‍්‍රියාකාරකම් හේතු වේ. වර්ෂ 2025 පමණ වන විට ලෝක ප‍්‍රජාව මුහුණ දෙන ප‍්‍රධානතම ගැටළුව ජල අර්බුදයයි.
බහුවිධ අවශ්‍යතාවයන් සදහා නැතිවම බැරි ජලය සමාජයේ නොවිසදෙන ගැටළුවක්ව පවතින රැකියා අර්බුදය සදහා විසදුමකි. ජලය කේන්ද්‍ර කර ගත් බොහෝ රැකියා අවස්ථා ජනනය කිරීමට හැකියාව තිබියදීත් ඊට අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි. ලෝකයේ විවිධ වටිනාකම් වෙනුවෙන් දිනයන් නම් කිරීම් අතර ජලය සදහාත් දිනයක් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියා කරන ලද්දේ 1992 දෙසැම්බර් 22 වනදා ය. ඒ අනුව සෑම වසරකම මාර්තු 22 වනදා ලෝක ජල දිනය සදහා වෙන් වේ. 2016 වසරේ ලෝක ජල දිනයේ තේමාව වන Better water Better jobs යන්න සමාජයේ කතාබහට ලක් නොවූ පසුබිමකි.
ලොව පුරා වැඩ කරන ජනතාවගෙන් හරි අඩක් පමණ ජලය හා ඒ ආශ‍්‍රිත වෘත්තීන්හි නියැලේ. සංචාරක පාරාදීසයන් ලෙස නම් කර ඇති ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ කලාප මෙන්ම අභ්‍යන්තර කලාප කොතරම් නම් විදේශ විනිමය උත්පාදනය කරන සම්පත්ද? රටක ආර්ථිකය සවිබල ගැන්විය හැකි කොතරම් නම් ජලාශ‍්‍රිත රැකියා අවස්ථා වේද? ඒ අතරින් ධීවර කර්මාන්තය, මසුන් බෝ කිරීම, ගමනාගමනය, ජලාශ‍්‍රිත ක‍්‍රීඩා සහ සංචාරක කර්මාන්තය ආදීය කැපී පෙනේ. නමුත් මෙම රැකියා අවස්ථා වර්ධනය කිරීමට හෝ ඒ සදහා ප‍්‍රතිපාදන වෙන් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ අවම වශයෙනි. මීට මාස කිහිපයකට පෙර අසන්නට ලැබුණු පුවතක් වූයේ කිතුල්ගල ප‍්‍රදේශයේ දහස් ගණනකට රැකියා අහිමි කරමින් මෙගා වොට් 35ක විදුලිය උත්පාදනය කිරීම සදහා බලාගාරයක් ඉදිකරන බවයි. ඉන් එම ප‍්‍රදේශයේ ඝෘජු හා වක‍්‍ර රැකියාලාභීන්ගේ රැකියා අහිමි වන අතර rafting සදහා එහි පැමිණෙන සංචාරක ප‍්‍රජාවත් අප හට අහිමි වනු ඇත. නමුත් කළ යුත්තේ ජලය ආශ‍්‍රය කර ගත් රැකියා තව තවත් උත්පාදනය කිරීමයි.
මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ සාගර විශ්වවිද්‍යාලය අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කරයි. එමගින් රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ජලජ කර්මාන්තය සදහා උගත් බුද්ධිමතුන් බිහි කරයි. රටේ දැවැන්ත අර්බුදයක් ලෙස වර්ධනය වෙමින් පවතින විරැකියාව සදහා භාවිත කළ හැකි එක් විකල්පයක් ලෙසත් ජලය ආශ‍්‍රය කර ගත් රැකියා හදුන්වා දිය හැක.
ජලයේ වටිනාකම මෙතෙකැයි කියා අහවර කළ හැක්කක් නොවේ. ජල සුරක්ෂිතතාවය වෙනුවෙන් ගත යුතු ප‍්‍රතිපත්තීමය ක‍්‍රියා පිළිවෙත් අද හෙටම ක‍්‍රියාවට නැංවිය යුතුය. නොයෙසේ නම් එය මානව සංහතියේ පැවැත්මට බලපෑම් එල්ල කරනු නියතය. එමෙන්ම මෙවර ලෝක ජල දින තේමාව අරුත් ගන්වනු වස් ජලය ඇසුරු කර ගත් රැුකියා උත්පාදනය කිරීමට පියවර ගත යුතුය.
Subscribe to:
Posts (Atom)